පිටබැද්දර ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති අනිල් වීරමන් මැතිතුමා, ගරු මන්ත්‍රී මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය 2012.11.24 වන දින මොණරාගල ප්‍රාදේශිය සභාවේ කොමිපොස්ට් ව්‍යාපෘතියේ ක්ශේත්‍ර චාරිකාවක නිරත විය. මේ සදහා 60 කට වැඩි පිරිසක් එක්ව සිටි අතර මොණරාගල ප්‍රාදේශිය සභාවේ නිල වෙබි අඩවිය ඔස්සේ ලබා ගත් තොරතුරු වලට අනුව ඔවුන්ගේ වාර්ෂික ක්ශේත්‍ර චාරිකාවට මොණරාගල ප්‍රාදේශිය සභාවේ කොමිපොස්ටි ව්‍යෘපෘතිය ද නැරඹීමට යොදාගත් බව එම ප්‍රාදේශිය සභාවේ නිලධාරියෙක් ප්‍රකාශකරන ලදි. පිටබැද්දර ප්‍රදේශිය සභාව මේ වන විට කොමිපොස්ටි ව්‍යාපෘතියක් ආරමිභ කිරීමට මුලික කටයුතු සිදු කරමින් සිටින බවත් එම ව්‍යාපෘතිය සැලසුමි කිරීමේදි දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති වල තත්වය හා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද අදහසක් ලබා ගැනීම වැදගත් වන හෙයින් මෙම ක්ශේත්‍ර චාරිකාව අතිශය වැදගත් වූ බව ගරු සභාපතිතුමා විසින් ප්‍රකාශ කරන ලදි. එසේම ආකර්ශනීය අන්දමින් ප්‍රාදේශිය සභාව පිළිබද සියලු තොරතුරු අන්තර්ගත වන පරිදි නිර්මානය කර ඇති මොනරාගල ප්‍රාදේශිය සභාවේ නිල වෙබි අඩවිය අනෙකුත් පළාත් පාලන ආයතනවලටද ආදර්ශයක් බව තව දුරටත් ප්‍රකාශකරන ලදි.